Homeදේශීය පුවත්ඩොලර් හොයන්න තාම වැඩපිළිවෙළක් නෑ -ධම්මික පෙරේරා

ඩොලර් හොයන්න තාම වැඩපිළිවෙළක් නෑ -ධම්මික පෙරේරා

තවමත් මෙරටට තුළ ඩොලර් සෙවීමේ නිසි වැඩපිළිවෙළක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

අද මිද්දෙණියේ පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඒ බව සඳහන් කළේය.

“ලංකාවේ බදු ක්‍රමය මේ වගේ තත්ත්වයට ඇතිවෙලා තියෙන්නේ ඇයි? ඩොලර් හිඟයත් එක්ක ආනයන අඩුවෙලා තියෙනවා. එතකොට ආනයන අඩු වුණාට පස්සේ කස්ටම් ඩියුටි එක ගහන ඒ මුදල් අඩුවෙලා තියෙනවා. ඒ මුදල් අඩු වුණාට පස්සේ ඒ මුදල් ටික හොයාගන්න අනෙක් තැන්වලින් බදු වැඩිකරලා තියෙනවා. එතකොට ඒක තමයි මූලික දේ. මෙකේ මූලිකම ප්‍රශ්නය ඩොලර් නැතිකම නේ. එතකොට ඩොලර් නැතිකමට ඩොලර් හොයන්න වැඩපිළිවෙළක් තවමත් නැහැ.”

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here