Homeදේශපාලන පුවත්”තනතුරුවලට වඩා මට රට වටිනවා” – මුරුත්තෙට්ටුවේ හිමි

”තනතුරුවලට වඩා මට රට වටිනවා” – මුරුත්තෙට්ටුවේ හිමි

 අයවැය ඉදිරිපත් කිරිමට ප්‍රථම වැලි ඇටයේ සිට සීනි කැටය දක්වාම සියලු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ දැමූ බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

අයවැය පිළිබඳ අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ හිමියන් පැවසුවේ, ගොවිතැන සරු කරගන්නා තුරු හෝ පොහෙර සහනයක් දෙනු ඇතැයි, යන ගොවි ජන බලාපොරොත්තුව ද ඉටු නොවූ බවයි.

”ගොවියෝ බලාපොරොත්තු වුණා. අඩුම තරමින් රසායනික පොහෙර ටිකක් හරි ගෙන්නලා අපේ මේ ගොවිතැන සරුසාර කරගන්න කම් සහනයක් දෙයි කියලා. ඒ පැත්තෙන් ඒක ලැබුණෙත් නෑ”

මුරුත්තෙට්ටුවේ හිමියන් වැඩිදුරටත් පැවසුවේ, පවතින තත්ත්වය මත මන්ත්‍රීවරුන්ට ගමට යාමට අවස්ථාවක් හිමිවේ ද යන්න ප්‍රශ්නාර්ථයක් බවයි.

”ගම සමග පිළිසඳර යෙදිම හොඳ වුණත් , මම හිතනවා මේ තත්ත්වය උඩ මේ මන්ත්‍රීවරුන්ට ගම සමග පිළිසඳර කතා කරන්න යන්න අවස්ථාවක් ලැබෙයි ද ජනතාව මුන්ව ගහලා එලවයි ද කියන එක තමයි අපිට තියෙන සැකය..”

තනතුරක් ලැබී ඇති අවස්ථාවක මේ ආකාරයෙන් රජය විවේචනය කිරීම ප්‍රශ්නයක් නොවන්නේ දැයි එහිදී මාධ්‍යවේදීහු  උන්වහන්සේගෙන්  විමසා සිටියහ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඊට ලබ දුන්නේ මෙවැනි පිළිතරකි.

”ඇත්ත වශයෙන්ම තනතුර නෙවෙයි. මුළු ලංකාවම මට භාර දෙනවා කියලා කිව්වත් ,ඒත් මගේ කට වහන්න කිසි කෙනෙක් නෑ. මම කථා කරන්නෙ යථාර්ථවාදී සත්‍ය. මම කතා කරන්නෙ. මේ තනතුරු රැක ගන්න මට අවශ්‍ය නෑ . තනතුරු කියන ඒවා ලැබෙනවා. නොලැබෙනවා. ඊට වඩා මට අපේ රට සහ ජනතාව වටිනවා”

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here