තලෙබාන් පාලනය විසින් වරදකරුවන් පිරිසකට ප්‍රසිද්ධියේ ලබාදුන් දඬුවමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සොරකම් ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්වූ පුද්ගලයින් 09 දෙනෙකුට තලෙබාන් පාලනය විසින් මෙලෙස දඬුවම් කර ඇත.
ප්‍රසිද්ධියේ සිදුකළ නඩු විභාගයකින් අනතුරුව තලෙබාන් සංවිධානය විසින් ජනාකීර්ණ ක්‍රීඩාංගණයකදී වැරදිකරුවන් වූ පුද්ගලයින් 09 දෙනාට කස පහරවල් එල්ල කරනු ලැබූ බව එලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
වැරදිකරුවන්ට දඬුවම් කරන අයුරු දැක බලාගැනීම සඳහා තලෙබාන් සංවිධානය පූජකවරුන්ට, වැඩිහිටි පුද්ගලයින් ඇතුළු පිරිමි පාර්ශ්වයට අවසර ලබාදී තිබු බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඒ අනුව එම අවස්ථාව දැකබලා ගැනීම සඳහා දහස් ගණනක ජනතාවක් පැමිණ තිබේ.
මෙම පුද්ගලයින් 09 දෙනාට අවම කස පහරවල් 35 සිට 39ක් දක්වා දඬුවම් නියම කර තිබු බවද වාර්තා වෙයි.
තලෙබාන් සංවිධානය දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයේ කටයුතුවල නිරතවන බවට ජාත්‍යන්තරය චෝදනා එල්ල කරමින් සිටින පසුබිමක මෙම දඬුවම් ලබාදීම ගැන විදෙස් මාධ්‍ය වැඩි වශයෙන් වාර්තා කර තිබුණි.
විශේෂයෙන් කාන්තා අයිතිවාසිකම් අහිමිකරවීම, දඬුවම් පැමිණවීමේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීම වැනි චෝදනා හේතුවෙන් තලෙබාන් සංවිධානය දැඩි සේ ජාත්‍යන්තරය තුළ විවේචනයට ලක්වී සිටී.