Homeදේශීය පුවත්තවත් කඳුකර කොටියෙක් නිවසක දී කොටුවෙයි

තවත් කඳුකර කොටියෙක් නිවසක දී කොටුවෙයි

දිඹුල පතන පොලිස් වසමට අයත් මවුට්වර්නන් තේ වත්තේ වටකන් කොටසේ නිවසක කඳුකර කොටියෙකු සිරවී සිටින බව පොලීසිය පවසයි.

ඊයේ (04) රාත්‍රියේ නිවසේ සුරතලයට ඇති කරන සුනඛයෙකු අල්ලාගැනීම සඳහා කොටි පැටියා පැමිණ ඇතැයි සැක කරන අතර, පසුව නිවස පිටුපස පිහිටි මඩුවකට ඇතුළු වී සිටිය දී මිනිසුන් දැක තිබේ.

පසුව දිඹල පතන පොලීසිය දැනුවත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙන අතර පොලීසිය විසින් නුවරඑළිය වනජිවි කාර්යාලය දැනුවත් කීමට පියවර ගෙන ඇත.

එහි නිලධාරීන් පැමිණ අවශ්‍ය ක‍ටයුතු කරන තුරු ප්‍රදේවාසින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here