මැලේසියාවේ ගෘහ සේවයේ නියතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් මහල් නිවාස සංකීර්ණයක දෙවෙනි මහලෙන් වැටි ජිවිතක්ෂයට පත් ව ඇත.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව 42 වන වියේ පසු වූ එක්දරු මවක් ද වේ. පසුගිය දෙසැම්බර් 18 වන දින ඇයගේ හිතවතෙක් මාර්ගයෙන් සංචාරක විසා බලපත්‍රයක් මගින් විදේශ ගතව ඇත.
එම නිවසේ සේවය කිරීමට නොහැකි බවත්, තමන් වෙනත් සේවා ස්ථානයක සේවය කිරිමට කටයුතු කරන බවත් පසුගිය 23 වන දින තම සැමියාට දුරකතනයෙන් පවසා ඇත. මෙම මරණය සක සහිත බව සැමියා වැඩිදුරටත් අදහස් දක්වා ඇත.
මිට ටික දවසකට පෙරද ශ්‍රී ලාංකික කාන්තාවක් සින්ගපුරුවේදී ජිවිතක්ෂයට පත් වුනේ ය.