ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා මේ බව පැවසීය.
ඒ අනුව වර්තමාන අවශ්‍යතාවයන් ට ගැළපෙන පරිදි 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කොටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට නියමිතය.