Homeදේශීය පුවත්ත්‍රිපෝෂ සමාගමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තාවක්

ත්‍රිපෝෂ සමාගමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තාවක්

ත්‍රිපෝෂ සම්බන්ධව එල්ල වී තිබෙන චෝදනාව පිළිබඳව ත්‍රිපෝෂ සමාගමේ ස්ථාවරය පැහැදිලි කරන වාර්තාවක් එහි සභාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ, එම වාර්තාවෙන් හෙළිවන කරුණු අනුව මෙතෙක් බෙදා හැර ඇති ත්‍රිපෝෂ යළි එකතු කිරීම හෝ එකතු නොකිරීම පිළිබඳව තීරණය කරන බවයි.

මේ අතර ත්‍රිපෝෂ සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව පිළිබඳව මව්වරුන් කරුණු විමසන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, මව්වරුන්ට සහ දරුවන්ට බෙදා දුන් ත්‍රිපෝෂ නැවත එකතු කරන්නැයි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දැනුවත් කර නොමැති බවයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here