ත්‍රීරෝද රථ කොල්ලකෑමේ නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සැකකරුවන් 5 දෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, සැකකරුවන් හංවැල්ල, වැලිකඩ, මුල්ලේරියාව හා මීගොඩ යන ප්‍රදේශවලදී කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථවල නැගී ගොස් මගදී කඩු හා පිහි පෙන්වා රියැදුරන්ට පහරදී මුදල් රන් භාණ්ඩ හා ත්‍රිරෝද රථ කොල්ලකා ඇති බවය.
ඔවුන් කොල්ලකන ලද ත්‍රීරෝද 2ක් හා අමතර කොටස් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හංවල්ල, කොටිකාවත්ත, ඉඟිනියාගල, හා අංගොඩ ප්‍රදේශවල පදිංචි 22, 29 හා 30යන වයස්වල පසුවන පිරිසකි.