තායිලන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
එරට Mitrapap අධිවේගී මාර්ගයේ මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම අනතුරින් මියගිය පිරිස ඇත කුඩා ළමයින් දෙදෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටී වළකට වැටුණු වෑන් රථය එක්වරම ගිනිගෙන ඇති බවය.
ගින්නට හසුවීමෙන් එහි ගමන්කරමින් සිටි ළමුන් දෙදෙනා ඇතුළු 11 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
කෙසේ වෙතත් අනතුරින් එහි ගමන්කළ එක් අයෙකු පමණක් දිවිබේරා ගැනීමට සමත්ව තිබේ.
මෙලෙස අනතුරින් දිවි බේරාගත් මගියා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ ගින්නට පෙර ඔහු වෑන් රථයෙන් ලිස්සා ගොස් පිටතට වැටී ඇති බවය.
තායිලන්තයේ බලධාරීන් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.