Homeවිදේශීය පුවත්තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් මරුට

තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් මරුට

දකුණු තුර්කිය ප්‍රදේශයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබෙනවා. භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා ඇති අතර, සිරියාව සහ ලෙබනනය ඇතුළු කලාපය පුරා රටවල් කිහිපයකට භූමිකම්පාව දැනී ඇති බවයි සඳහන් වන්නේ.

තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 76 දෙනෙකු මිය ගොස් 440 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර අසල්වැසි සිරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 111 දෙනෙකු මිය ගොස් 500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි දෙරට ආපදා කළමණාකරන මධ්‍යස්ථාන සඳහන් කරන්නේ.

news images news images news images news images

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here