Homeක්‍රීඩා පුවත්දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ට ලකුණු 166ක ඉලක්කයක්

දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ට ලකුණු 166ක ඉලක්කයක්

රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම් අතර තරගය මේ වනවිට ඉන්දොර්හිදී පැවැත්වෙයි.

තරගයේ කාසියේ දිනූ දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමේ නායක ජොන්ටි රෝඩ්ස් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව, පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 දැවී ලකුණු 165ක් ලබාගත්තේය.

එහිදී ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 36ක් රැස්කළ අතර ජීවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 43ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ගාර්නට් කෘගර් කඩුලු 2ක් දවාගත් අතර වර්නන් ෆිලැන්ඩර් සහ ජොහාන් බෝතා එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ඒ අනුව, දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා හිමිවී ඇති ඉලක්කය ලකුණු 166කි.

මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවන අතර දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම එහි සිව්වන ස්ථානයේ රැඳී සිටී.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here