දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජාතික සභා ගොඩනැගිල්ල ද ගිනිගෙන ඇති බව සහ ගොඩනැගිල්ලේ බිත්තිවල ඉරිතැලීම් ද වාර්තා වී ඇති බව ය
ගින්න ඇතිවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ කිසිදු හෝඩුවාවක් මෙතෙක් අනාවරණය වී නොමැත.
1884 දී සාදා නිම කරන ලද මුල් සහ පැරණිතම ගොඩනැගිල්ල ඇතුළුව කේප්ටවුන්හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කොටස් 03කින් සමන්විත ය.