Homeක්‍රීඩා පුවත්දිමුත් ට කැඳවීමක්

දිමුත් ට කැඳවීමක්

එළඹෙන ජූනි මාසයේ ආරම්භවීමට එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ව ඇතුළුකර ඇති බව වාර්තා වෙයි.

ඊට හේතුව මීට පෙර නම් කළ 30 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයට එක්කර සිටි කුසල් ජනිත් පෙරේරා මේ දක්වාත් ඔහුගේ ආබාධ තත්ත්වයෙන් පූර්ණ සුවය ලබා නොසිටීමය.

කෙසේ වෙතත් දිමුත් කරුණාරත්නව මූලික සංචිතයට එක් කළද, කුසල් පෙරේරාව එම සංචිතයෙන් පූර්ණ වශයෙන් ඉවත් කර නොමැති බවද වාර්තා විය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here