Homeවිදේශීය පුවත්දිය යටින් දිවෙන ලොව දීර්ඝතම පෙරසවි උමං මාර්ගය

දිය යටින් දිවෙන ලොව දීර්ඝතම පෙරසවි උමං මාර්ගය

දිය යටින් දිවෙන ලොව දීර්ඝතම පෙරසවි උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී.

බෝල්ටික් මුහුදේ මීටර් 40ක් යටින් ඉදිකෙරෙන එම උමං මාර්ගය ඔස්සේ ජර්මනිය සහ ඩෙන්මාර්කය අතර ගමන් කිරීමට ගතවන කාලය විශාල වශයෙන් අඩුවෙයි.

එහි ඉදිකිරීමේ කටයුතු 2020දී ආරම්භ කළ අතර 2029 දී ඉදිකිරීම් කටයුතු නිමකිරීමට නියමිතය.

එම උමං මාර්ගය කිලෝ මීටර් 18ක් පමණ දිගින් යුතු අතර එය යුරෝපයේ විශාලතම යටිතල ව්‍යාපෘතිවලින් එකකි.

ඉදිකිරීමේ කටයුතු සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල ඩොලර් බිලියන 7.1කි.

මෙම උමං මාර්ගය සැලසුම් කිරීම සඳහා වසර 10කට වැඩි කාලයක් ගතවිය.

එම සැලසුමට අනුව පෙරසවි විශාල කොන්ක්‍රීට් කොටස් 89ක් මීටර් 40ක් ගැඹුරට ගිල්ලවා එම උමං මාර්ගය ඉදිකෙරෙයි.

මෙම උමඟ ඉදිකරනු ලබන්නේ ” Fehmarn” නම් ජර්මනියට අයත් දූපතක් සහ ඩෙන්මාර්කයට අයත් “Lolland” නම් දූපත එක්කෙරෙන සමුද්‍ර සන්ධිය ඔස්සේය.

මේ වනවිට ගමන්ගමනය සඳහා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක වන අතර ඊට විනාඩි 45ක් පමණ ගතවෙයි. වාර්ෂිකව මිලියන ගණනක් ජනතාව ඒ ඔස්සේ සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගනිති.

නමුත් නව උමඟ ඉදිකිරීමෙන් අනතුරුව දුම්රියෙන් විනාඩි 07ක් තුළත් මෝටර් රථයෙන් විනාඩි 10ක් තුළත් දුපත් දෙක අතර ගමන්කළ හැකිය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here