Homeදේශීය පුවත්දුම්රියේ ගැටී තරුණයින් දෙදෙනෙකු මරුට

දුම්රියේ ගැටී තරුණයින් දෙදෙනෙකු මරුට

වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි තරුණයින් දෙදෙනෙකි.

තරුණයින් දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිටියදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙම තරුණයින් දෙදෙනා දුරකථනය භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිට ඇති බවය.

ඔවුන් විනෝද චාරිකාවක් සඳහා යෑමට වඳුරව දුම්රිය ස්ථානය කරා ගමන්කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබේ.

මියගිය තරුණයින් දෙදෙනාගේ දේහයන් වතුපිටිවල රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

වේයන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here