Homeදේශීය පුවත්දුම්රිය සේවකයින් 7,000 කගේ හිඟයක්.. පිළියමක් නොදුන්නොත් මෙහෙයුම් අඩපණ වනු ඇති බවට...

දුම්රිය සේවකයින් 7,000 කගේ හිඟයක්.. පිළියමක් නොදුන්නොත් මෙහෙයුම් අඩපණ වනු ඇති බවට අනතුරු ඇඟවීම්

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 7,000 කගේ පමණ හිඟයක් පවතින බැවින් මෙහෙයුම් කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න මහතා සඳහන් කළේ, සේවකයින් 21,000 ක් පමණ සිටිය යුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සිටින්නේ සේවකයින් 14,000 ක් පමණක් බවයි.

එළඹෙන දෙසැම්බර් මාසය වනවිට 250 කට වැඩි සේවක පිරිසක් විශ්‍රාම යාමට නියමිත බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව එළඹෙන දෙසැම්බර් මාසය වනවිට සේවක හිඟයට පිළියමක් නොයෙදුව හොත් ජනවාරි මාසයේ සිට දුම්රිය මෙහෙයුම් කටයුතු දැඩි බලපෑමකට ලක්වනු ඇතැයි, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න මහතා අවධාරණය කළේ ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here