සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 40 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 215 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවනිඳු ප්රනාන්දු ලකුණු 50 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 34, දුනිත් වෙල්ලාලගේ ලකුණු 32 ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී Kuldeep Yadav කඩුලු 3 ක් හා Mohammed Siraj කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම 44 වන පන්දුවාරයේදී කඩුලු 6 ක් දැවී සිටියදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර ගියා.
පන්දු යැවීමේදී ළහිරු කුමාර හා චාමික කරුණාරත්න කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.