Homeදේශීය පුවත්දේශගුණ විපර්යාස සමුළුවල එකඟතා සහ සම්මුති කඩිනම් කිරීමේ වැඩපිළිවෙල ගැන කියන පරිසර...

දේශගුණ විපර්යාස සමුළුවල එකඟතා සහ සම්මුති කඩිනම් කිරීමේ වැඩපිළිවෙල ගැන කියන පරිසර ඇමති

මෙතෙක් පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල (COP) අතිකරගත් එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාවෙන් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මෙවර ඩුබායි හි පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වන බව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ස්වභාවික සම්පත් ආර්ථික කටයුතු සඳහා යොදා ගැනීමේ දී මෙන්ම පරිසරය සම්බන්ධ සෑම ක්‍රියාකාරකමක්ම විධිමත් මෙන්ම සැලසුම් සහගත විද්‍යාත්මක පදනමක් තුළ සිට කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා සිදුවන සුළු අතපසුවීමක් මහා විනාශයකට හේතුවිය හැකි බවයි සඳහන් කළේ.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළා.

පරිසරය සහ සංවර්ධනය තුලනය කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව අප අවධානය යොමු කළ යුතු අතර මැණික් සහ ඛණිජ ද්‍රව්‍යය ආදිය ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගන්නා විට සිදුවන්නා වූ පාරිසරික සහ සාමාජීය ගැටලු සඳහා මුහුණ දෙන්නේ කෙසේ ද යන්න පිළිබදව නිවැරදි අධ්‍යයනයක යෙදිය යුතු බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන්නේ.

ඊට අදාළ අපගේ පරිසර වැඩපිළිවෙල විධිමත් මෙන්ම සැලසුම් සහගත විද්‍යාත්මක පදනමක් තුළ සිදු කළ යුතු බව සඳහන් කරන පරිසර අමාත්‍යවරයා එසේ නොමැතිව සිදුවන සුළු අඩුපාඩුවකින් සියල්ල නැති විය හැකි අතර එය මිලියන විසි දෙකක ජනාතාවට පමණක් නොව නූපන් දරු පරපුරට ද බලපාන බව අප මතකයේ තබාගත යුතු බව ප්‍රකාශ කර තිබෙනවා.

දේශගුණ විපර්යාස සමුළුවල එකඟතා සහ සම්මුති කඩිනම් කිරීමේ වැඩපිළිවෙල ගැන කියන පරිසර ඇමති .

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here