තමන්ට ඉල්ලා අස් වන්නැයි ජනාධිපතිවරයා හෝ ජනාධිපති කාර්යාලයෙන් මෙතෙක් ලිඛිත දැනුම් දීමක් කර නැතැයි, ආණ්ඩුකාරවරුන් පවසයි.
ඔවුන් සඳහන් කළේ, එවන් තත්වයක් තුළ මෙතෙක් සිය ධුරවලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
තමන්ට ඉල්ලා අස් වන්නැයි දැනුම් දුන් බව, මාධ්‍ය වාර්තාවලින් පමණක් දැනගත්ත ද, මෙතෙක් නිල වශයෙන් දැනුම්දී නැතැයි, නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නිවුස්ෆස්ට් කළ විමසිමකදී පැවසුවා ය.
ඇය සඳහන් කළේ, සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගෙන් ද අප වීමසිමක් කළේ ය.
ඔහු පැවසුවේ ද ඉල්ලා අස් වන්නැයි තමන්ට දැනුම් දී නොමැති බැවින්, තවදුරටත් ආණ්ඩුකාර ධුරයේ තමන් රැදී සිටින බවයි.
තමන් මේ වන විට විදේශ ගත වී ඇති බවත් ,යළි මෙරටට පැමිණි පසුව ජනාධිපතිවරයා ඉල්ලා අස් වන්නැයි ලිඛිතව දැනුම් දෙන්නේ නම් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බැකඩුව මහතා සඳහන් කළේ ය.
මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆිලිට්, වසන්ත කරන්නාගොඩ මහතාගේ පාර්ශවයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බැවින් තවදුරටත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරන බවයි.
මේ සම්බන්ධයෙන් විමසිමට උතුරු පළාත් ආණ්ඩුකාර ජිවන් ත්‍යාගරාජා මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද, ඔහු දිගින් දිගටම දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.
සබරගමුව , ඌව , උතුරු හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි, පසුගියදා දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ ජනාධිපතිවරයෙකු ඉවත්වූ විට ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීම සාමාන්‍ය සම්ප්‍රදායක් වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වී, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්ව මාස කිහිපයක් ගතවී ඇතත්, ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී නොමැති බවයි.
ඇතැම් ආණ්ඩුකාරවරුන් ඉවත් කරන ලෙස එම පළාත්වල දේශපාලඥයින් දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි ද, ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය.