මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නව පනත යටතේ මැතිවරණය කල් යෑමක් සිදු වන්නේ නම්, එය දැනටමත් සිදු වී තිබිය යුතු බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.
එම පනතට විරුද්ධ වූ අය විරුද්ධ වූයේද, මැතිවරණය කල් යෑම පිළිබඳ සැකය නිසාවෙන් බවද, නමුත් කතානායකවරයා පනතට අත්සන තැබූ විගස නව පනත නීතිගත වන හෙයින්, එසේ කල් යයි නම් දැනටමත් එය සිදු විය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.