74 වන නිදහස් දින සැමරුම වෙනුවෙන්, ලබන 04 වනදා සියලු සුරාසැල් සහ මස් මාංශ අලෙවිසැල් වසා තබන්නැයි, දැනුම් දී තිබේ.
මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම් විත්‍රානන්ද මහතා ය.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, 74 වන නිදහස් දින සමරු උළෙල විශේෂ අවස්ථාවක් සේ සලකා එම තීරණය ගෙන ඇති බවයි.