Homeව්‍යාපාරික පුවත්නුවරඑළියට සංචාරකයන් ගෙන ඵ්ම සඳහා BOI අනුමත නව හෝටල් ව්‍යාපෘතියක්

නුවරඑළියට සංචාරකයන් ගෙන ඵ්ම සඳහා BOI අනුමත නව හෝටල් ව්‍යාපෘතියක්

අල් අරාෆ් හෝටල් සමාගමේ නුවරඑළිය ප්‍රදේශය සදහා සුපිරි ගණයේ සංචාරකයන් ඉලක්ක කොටගත් සුඛෝපභෝගී හොටලයක් සදහා අ.ඩො.මි. 3කට ආසන්න ආයෝජනයක් කරයි.

මෙම ආයතනයේ ප්‍රධානතම විධායක නිලධාරී ෆසාල් මොහොමඩ් මහතා පැවසුවේ සියලුම සංචාරකයන් සදහා ඉතා සුවපහසුවෙන් සහ ඉහල ප්‍රමිතියකින් යුතු ආහාරපාන ලබා දිමට මෙම සුපිරි ගනයේ හෝටලයෙන් බලාපොරොත්තු වන බවයි.

නුවරඑළිය කුඩා එංගලන්තය ලෙස සියවස් දෙකකට ආසන්න කාලයක් තුල ලෝකය තුල ප්‍රචලිතව පවති. මෙහි කාමර 49කින් යුතු සුපිරි අත්දැකීමක් ලබාදීම සඳහා සෑම කලාපයක සිටින ධනවත් සංචාරකයන් ඉලක්ක කොටගෙන නිරිමාණය කරනු ලබයි.

මෙමගින් ශ්‍රි ලංකාවේ විශේෂ Ceylon Tea අත්දැකීමත් Golf ක්‍රිඩාවත් මෙමගින් ඔවුන්ට හදුන්වාදීමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ තරුණ තරුණියන් 120කට පමණ රැකියා සැලසේ.

මේ පිළිබදව අදහස් දැක්වු ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය පැවසුවේ මෙම ව්‍යාපෘතිය මගින් සුපිරි ගණයේ සංචාරකයන් ගෙන ඒමත් එමගින් ශ්‍රි ලංකාව තුල තිරසාර සංචාරක ව්‍යාපාරය පිළිබද මැදපෙරදිග ප්‍රමුඛ ප්‍රජාව තුල සුවිශේෂී දැනුවත් භාවයක් ඇතිවනු ඇති බවයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here