Homeදේශපාලන පුවත්නෙළුම් කුලුනේ බිත්ති කුරුටු ගෑ තරුණ යුවළක් අත්අඩංගුවට

නෙළුම් කුලුනේ බිත්ති කුරුටු ගෑ තරුණ යුවළක් අත්අඩංගුවට

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් කුලුන මත ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය දී අත්අඩංගුවට පත්ව තිබේ.

ඊයේ (30) සවස ඔවුන් දෙදෙනා කුලුනේ යොදවා සිටින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීමට කටයුතු කර ඇත.

මහජනතාව වෙත නෙළුම් කුලුන විවෘත කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් එහි නිලධාරීන් පවසා සිටියේ නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාව එහි දේපළවලට හානි සිදුකළහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවය.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ හේතුවෙන් නෙළුම් කුලුනේ නඩත්තු කටයුතුවලට විශාල වියදම් දැරීමට සිදුවන බවය.

ජනතා මුදලින් ඉදිකර ඇති මෙම දේපළ ආරක්ෂා කරගැනීම ජනතාවගේ වගකීමක් බවද නෙළුම් කුලුන පෞද්ගලික ආයතනයේ වෙළෙඳ විධායක නිලධාරී බිම්සර රොසයිරෝ මහතා මීට පෙර සඳහන් කර තිබුණි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here