Homeවිදේශීය පුවත්නොර්වේ සුපිරි වෙළඳසැලක දුනු – ඊතළ ප්‍රහාරයක්

නොර්වේ සුපිරි වෙළඳසැලක දුනු – ඊතළ ප්‍රහාරයක්

නෝර්වේහි පුද්ගලයකු දුනු සහ ඊතළ භාවිත කරමින් සිදු කළ පහරදීමකින් පුද්ගලයින් 5 දෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා තිබේ.

මෙය සිදුව ඇත්‌තේ එරට වේලාවෙන් පස්වරු 6.30 ට පමණයි.

නව්යෝර්ක්හි ඔස්ලෝ අගනුවරට නිරිත දෙසින් පිහිටි කොංග්ස්බර්ග් නගරයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළදී ප්‍රහාරය සිදුව ඇතැයි වාර්තා වේ.

ප්‍රහාරයෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් හා ප්‍රහාරකයා අතර ගැටුමක් ද ඇති වී ඇති අතර ඉන් පොලිස් නිලධාරියෙකුට ද තුවාල සිදුව තිබේ.

කෙසේ නමුත්, ප්‍රහාරය සිදුව මිනිත්තු 34කට පසු ප්‍රහාරය සිදු කළ බවට සැකපිට 37 හැවිරිදි ඩෙන්මාර්ක ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලීසියට හැකිව තිබේ.

පොලීසිය සැක පළ කරන්නනේ, මෙය සැකකරුගේ තනි ක්‍රියාවක් බවටයි.

නමුත් මෙය ත්‍රස්ත ක්‍රියාවක් ද නැද්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ.

එරට අගමැති අර්නා සොල්බර්ග් පැවසුවේ සිද්ධිය පිළිබඳ මේ වන විට පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මේ වන විට එරට ඔස්ලෝ අගනුවර ආරක්ෂාව ද තර කර තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here