Homeක්‍රීඩා පුවත්පළමුවරට දකුණු අප්‍රිකාව අවසන් තරගයට

පළමුවරට දකුණු අප්‍රිකාව අවසන් තරගයට

කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමත්විය.

ඒ ඊයේ (24) පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී එංගලන්ත කාන්තා පිල ලකුණු 06කින් පරාජය කරමිනි.

අයි සී සී ලෝක කුසලාන තරගාවලියක දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයකට පිවිසි පළමු අවස්ථාව මෙය විය.

කේප්ටවුන් හිදි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා පිල දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකාරිනියන් යුගළ පළමු කඩුල්ලට ලකුණු 96ක සබඳතාවක් ගොඩනැගුවේය.

ලෝරා වොල්වාර්ඩ් ලකුණු 53ක් සහ ටස්බිම් බ්‍රිට්ස් ලකුණු 68ක් රැස් කළේය.

ඒ අනුව දකුණු අප්‍රිකා කාන්තා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 164කි.

ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරු යුගළ සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු කඩුල්ලට ලකුණු 53ක සබඳතාවක් ගොඩනැගුවේය.

කෙසේ වෙතත් යළි තරගයට අවතීරණ වූ දකුණු අප්‍රිකානු කාන්තා පිලේ පන්දු යවන්නන් ලකුණු 137ක් තුළ එංගලන්ත කාන්තා ඉනිමේ කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය.

අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා එංගලන්ත කාන්තා පිලට ලකුණු 13ක් අවශ්‍යව තිබූ අතර එහිදි ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 6ක් පමණි.

ඒ අනුව ලකුණු 6ක ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකා කාන්තා පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here