ප්‍රංශයේ පාසල් සිසුවෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ගුරුවරියක ඝාතනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වයස අවුරුදු 50ක් පමණ වන ස්පාඤ්ඤ ජාතික ගුරුවරියක් මෙලෙස ඝාතනයට ලක්ව බවය.
16 හැවිරිදි සිසුවා සිය බෑගයේ තිබූ පිහියක් රැගෙන ගුරුවරිය ඉගැන්වීම් කටයුතු සිදුකරමින් සිටි පන්තිකාමරයට පැමිණ ඇයට පහරදී ඇති බව සඳහන්ව ඇත.
ප්‍රහාරයට ලක්වූ ගුරුවරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ අදාළ සිසුවා පන්තිකාමරයට ඇතුළුවී පසුව එහි දොර වසා දමා ගුරුවරියගේ පපු ප්‍රදේශයට මෙලෙස පිහියෙන් ඇන ඇති බවය.
සිද්ධියට අදාළ සිසුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙලෙන අයෙකු බවට ද අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිද්ධිය පිළිබඳ සොයාබැලීමට ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යවරයා ද අදාළ පාසල වෙත පැමිණ තිබේ.