Homeවිචිත්‍ර​ පුවත්ප්‍රවීණ කොලිවුඩ් නලු කමල් හසන් ශ්‍රී ලංකාවට සහය දැක්වීමට කැමැත්ත පළකරයි

ප්‍රවීණ කොලිවුඩ් නලු කමල් හසන් ශ්‍රී ලංකාවට සහය දැක්වීමට කැමැත්ත පළකරයි

දකුණු ඉන්දීය සිනමා නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන ‘පද්ම භූෂන්’ කමල් හසන් සිය සුභසාධක සංගමය හරහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට කැමැත්ත පළ කර තිබෙනවා.

ඔහු සිය අභිප්‍රාය ප්‍රකාශ කර ඇත්තේ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී වෙන්කේෂ්වරන් සමඟ පැවති සාකච්ඡාවකදීයී.

ආචාර්ය ඩී වෙන්කේෂ්වරන් විසින් කරන ලද ආරාධනය මත, කමල් හසන් දූත මණ්ඩල ඉතිහාසයේ පළමු වරට චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයට පැමිණ තිබුණා.

සංචාරය අතරතුර, කමල් හසන් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ඔවුන් සිනමා කර්මාන්තය ඇතුළු අනෙකුත් කරුණු පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

රටේ සංචාරක ක්ෂේත්‍රය නංවාලනු ලබන චිත්‍රපට සහ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසයි උත්සව සභාව අමතමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කමල් හසන්ගෙන් ඉල්ලා සිටියේ.

එහිදී කමල් හසන් සිය සුභසාධක සංගමය හරහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට එහිදී කැමැත්ත පළ කර තිබුණා.

සාකච්ඡාවෙන් අනතුරුව කමල් හසන් දූත මණ්ඩලයේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් සමඟ සුහද කතාබහක නිරත වී තිබෙනවා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here