Homeවිදේශීය පුවත්ප්ලාස්ටික් ගැන එංගලන්තය තීරණයක් ගනී

ප්ලාස්ටික් ගැන එංගලන්තය තීරණයක් ගනී

එක්වරක් පමණක් ප්‍රයෝජනයට ගත හැකි ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු, පිඟන් සහ ට්‍රේ තහනම් කිරීමට එංගලන්ත රජය නියෝග කර තිබේ.

එම තහනම ක්‍රියාත්මක වන්නේ කවදා සිටද යන්න සම්බන්ධයෙන් පැහැදිලි නැති අතර මේ වනවිට එවැනි තීරණ ස්කොට්ලන්ත යේ සහ වේල්සයේ ක්‍රියාත්මකය.

එරට පරිසර අමාත්‍ය තෙරෙසේ කොෆි පැවසුවේ රජය එම තීරණය ගනු ලැබුවේ අනාගත පරපුර සඳහා පරිසරය ආරක්ෂා කිරීමට බවය.

වරක් භාවිත කළ හැකි පිඟන් බිලියන 1.1ක් සහ හැඳි ගෑරුප්පු බිලියන 4ක් පමණ වාර්ෂිකව එංගලන්තයේ භාවිතයට ගැනෙයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here