Homeක්‍රීඩා පුවත්පාකිස්තානයට තියුණු ජයක්

පාකිස්තානයට තියුණු ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර අද (07) පැවැති තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්තාන කාණ්ඩායමට ලබාදීමටය.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 129ක් රැස් කිරීමට සමත් වුණි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 35ක් රැස් කළ අතර හස්රතුල්ලා සසායි ලකුණු 21ක් රැස් කළේය.

පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් හරිස් රවුෆ් කඩුලු 2ක් දවාගත්තේය.

ඒ අනුව ලකුණු 130ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දු ඕවර 19යි පන්දු 2කදී කඩුලු 9ක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂඩාබ් ඛාන් ලකුණු 36ක් රැස් කළ අතර ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 30ක් රැස් කළේය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here