ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ පාකිස්තාන කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 181ක් රැස්කරගැනීමට සමත්විය.
තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියානු කාණ්ඩායමට ලබාදී තිබුණි.
එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 60ක් රැස් කළ අතර නායක රෝහිත් ෂර්මා පන්දු 16කදී 28ක් රැස්කළේය.
පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ශඩාබ් ඛාන් කඩුලු 2ක් දවාගත්තේය.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා පාකිස්තාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 182කි.