Homeවිචිත්‍ර​ පුවත්පාපන්දු ලොවේ විශිෂ්ටතමයා මිය යයි.

පාපන්දු ලොවේ විශිෂ්ටතමයා මිය යයි.

ලොව මෙතෙක් බිහිවු ශ්‍රේෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැළකෙන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ මියගොස් තිබේ.

බ්‍රසීල රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මියයන විට 82 හැවිරිදි වියෙහි පසුවු බව වාර්තා වේ.

එඩ්ස්ටන් නස්ටිමෙන්ටෝ නම් වු ඔහු ලොව ප්‍රකට වුයේ පේල් නම් අන්වර්ථ නාමයෙනි.

15 හැවිරිදි වියේ දී බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් පේලේ ජාත්‍යන්තර තරග බිමට පිවිසුනි.

1958, 1962 සහ 1970 දී යන වර්ෂවලදී  තෙවරක් පාපන්දු ලෝක ශුරතාව බ්‍රසීලයට දිනාදීමට දායකත්වය දැක්වු  පේලේ 2000 වර්ෂයේ දී සියවසේ පාපන්දු ක්‍රීඩකයා ලෙස නම් කර තිබුණි.

ඊට අමතරව ඔහු බ්‍රසීලය වෙනුවෙන් තරග 92කදී ගෝල 77ක් ඇතුළුව වසර 21ක වෘත්තීය ක්‍රීඩා ජීවිතය තුළ තරග 1,363කදී ගෝල 1,281ක් රැස්කරමින් ලෝක වාර්තාවක් තබා තිබේ.

වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී පේලේ මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here