Homeදේශපාලන පුවත්පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ දුන් නියෝගය

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ දුන් නියෝගය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවේ විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයට දින නියම වී තිබේ.

පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල ලබාදීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු 25 දෙනෙකුට එරෙහිව අදාළ නඩුව පවරා තිබුණි.

එම නඩුව අද (03) කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය දැනුම්දුන්නේ විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම්වලට අදාළව විරෝධතා ගොනුකරන බවය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය නොවැම්බර් මස 24 වනදා ප්‍රකාශයට පත්කරන බවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here