මෙක්සිකෝවේ දී පැහැරගත් අමෙරිකානුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය ආසන්නයේ මෙක්සිකෝවේ පිහිටි නගරයකදී පසුගිය 03 වනදා එම අමෙරිකානුවන් ව සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැර ගත්තේය.
එම පිරිස මෙක්සිකෝවට ගොස් තිබුණේ එක් අයෙකුගේ බඩෙහි මේද ස්ථරය අඩු කිරීමේ සැත්කමකට බව පැවසෙයි.
අරක්ෂක අංශ සැක පළ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් තම ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් යැයි සිතා මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවය.