ශ්‍රී ලංකා මූල්‍ය ආයතනකරුවන්ගේ සංගමයේ (FHA) 65 වැනි සංවත්සරය නිමිත්තෙන් හා පසුගිය ජූනි මස පස් වැනිදාට යෙදුණු ජගත් පරිසර දිනය සනිටුහන් කරමින් FHA සාමාජික ආයතන හා සමාගම් එක්ව දීපව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් එදින පැවැත්වීය.()
මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ ඉතිහාසයේ එක් දිනක් තුළ වැඩිම පැල සංඛ්‍යාවක් සිටුවමින් කාබන් පියසටහන් අවමකිරීමේ ජාතික කර්තව්‍යයට දායකත්වය ලබාදීමය. මෙම රුක් රෝපණ වැඩසටහනේ ප්‍රධාන වැඩසටහන කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා මූල්‍ය ආයතනකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම (පීඑල්සී)ද එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කවල ප්‍රගමනයට දායක වෙමින් මෙම පාරිසරික වැඩසටහනට සහභාගි විය. මෙම වැඩසටහනට එක්වෙමින් පීපල්ස් ලීසිං ශාඛා ජාලයේ බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුරුමැද හා සබරගමුව යන පළාත් ආවරණය වන පරිදි තෝරාගත් ස්ථාන 92ක පීපල්ස් ලීසිං ශාඛාවල කාර්ය මණ්ඩලයේ ස්වේච්ඡා ශ්‍රම දායකත්වයෙන් පැල 14,195ක් රෝපණය කරනු ලැබීය.
මෙම රුක්රෝපණ වැඩසටහනට දායකත්වය ලබාදුන් පීපල්ස් ලීිසිං ශාඛාවන් වන්නේ අලුත්ගම, අවිස්සාවේල්ල, බදුල්ල, බලංගොඩ, දඹුල්ල, දිගන, ගම්පොල, මහනුවර අල්-සෆා, කටුගස්තොට, කෑගල්ල, මහරගම, මාතලේ, මාවනැල්ල, නාවලපිටිය, නෙළුව, නුගේගොඩ, පැල්මඩුල්ල, රත්නපුරය, වැල්ලවත්ත, පානදුර, හොරණ, පිලිමතලාව, කිරිඳිවැල, වරකාපොල, කලවාන, ගොඩකවෙල, ඇඹිලිපිටිය, ගාල්ල, දෙනියාය, තංගල්ල, හංවැල්ල, හෝමාගම, මොරටුව, කොටුව හා කළුතරය.
පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම, 2011 වසරේ කොළඹ කොටස් වෙළෙඳපළේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.