රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මොස්කව් නුවර පිහිටි ඔහුගේ නිවසසේ ඇති පඩි පෙළකින් ලිස්සා ඇද වැටි ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ජනාධිපතිවරයා පඩිපෙල් 5ක් පමණ ලිස්සා ඇති අතර එම අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂකයන් විසින් කඩිනමින් ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
70 වැනි වියේ පසු වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් උදරය ආශ්‍රිතව පිළිකා රෝගයකින පෙළන බවද විදෙස් වාර්තා සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ඇද වැටීමෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයට බලපෑම් එල්ල වී නොමැතිබවත් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.