Homeදේශීය පුවත්පුපුරණ ද්‍රව්‍ය කිලෝ 125ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය කිලෝ 125ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ඇමෝනියා නයිට්‍රේට් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 125ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දොම්පේ, පනන්වල, දෙල්ගොඩ ප්‍රදේශයේ දීය.

අදාළ පුද්ගලයා සතුව තිබී රු 500,000ක මුදලක් ද විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා 41ක් හැවිරිදි හෙළුම්මහර, දෙකටන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් ඇමෝනියා නයිට්‍රේට්වල වටිනාකම රුපියල් ලක්ෂ 18ක් පමණ බව අනාවරණය වී තිබේ.

වැඩිදුර විමර්ශන සඳහා දොම්පේ පොලීසිය වෙත භාර දී ඇත.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here