Homeදේශීය පුවත්පොලිස් නිලධාරියෙක් අනපේක්ෂිත ලෙස මරුට

පොලිස් නිලධාරියෙක් අනපේක්ෂිත ලෙස මරුට

වැටලීමටක ගොස් ආපසු පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටි කාණ්ඩායමක පොලිස් නිලධාරියෙකු අනතුරකට ලක්වී මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ ඉකුත් 21 වනදා රාත්‍රියේ දී පනාමුර – ඇඹිලිපිටිය මාර්ගයේ පනාමුර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බවය.

පනාමුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එලෙස වැටලීමකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණෙමින් සිටි නිලධාරීන් දෙදෙනෙකුගේ යතුරුපැදියට එකවරම මාර්ගයේ සිටි සුනඛයෙකු පැන තිබේ.

එහිදී යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටී එම අනතුර සිදුවී ඇත.

යතුරුපැදියේ සිටි දෙදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (22) එක් නිලධාරියෙකු මියගොස් තිබේ.

ඔහු 36 හැවිරිදි පන්ගන්විලයාය කටුවන ප්‍රදේශයේ පදිංචි පනාමුර පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙක් වන ජී. එස් ශාන්ත නම් අයෙකි.

සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් නිලධාරියා ඇඹිලිපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here