බංග්ලාදේශය සමඟ පැවැති, පන්දුවාර 20 යි 20 පුහුණු ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව කඩුළු 4 කින් ජය ගත්තේය .
මෙම තරගය පැවැත්වුණේ, එළැඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙසය.
අබුඩාබිහිදී පැවැති මෙම තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 147 කි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සෞම්‍ය සාකාර් ලකුණු 34 ක් රැස් කළේය.
පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 27කට කඩුලු 03ක් දවා ගත්‌තේය .
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ජය වාර්තා කළේය .
අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතකයක් වාර්තා කරමින් නොදැවී ලකුණු 62 ක් රැස් කළ අතර චාමික කරුණාරත්න නොදැවී ලකුණු 29 ලබා ගත්තේය .
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන, දෙවැනි පුහුණු ක්‍රිකට් තරගය හෙට(14) පැපුවා නිව්ගිනි කණ්ඩායම සමඟ අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතය.