Homeදේශීය පුවත්බටහිර පර්යන්තය සංවර්ධනය කරන ඉන්දීය සමාගමේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අදානි දිවයිනට

බටහිර පර්යන්තය සංවර්ධනය කරන ඉන්දීය සමාගමේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අදානි දිවයිනට

ඉන්දීයාවේ ප්‍රකෝටිපතියෙකු මෙන්ම අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන අදානි ව්‍යාපාර සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා මෙරටට පැමිණියේ ය.

මෙම සංචාරය සිදුවන්නේ අදානි සමූහය කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනයට අදාළ ගිවිසුම්ගත වීමෙන් මාසයක් ගතව ඇති පසුබිමකදී ය.

ගෞතම් අදානි මහතා පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙක් ඇතුළු පිරිසක් සමග පෞද්ගලික ගුවන් යානා දෙකකින් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ.

ගෞතම් අදානි මහතාගේ පුත්‍රයා , අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරීවරයා, අදානි හරිත බලශක්ති සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් මෙම කණ්ඩායමට අයත් වෙති.

පසුගිය 7 වනදා ෆෝබ්ස් සගරාව ප්‍රසිද්ධ කළ ඉන්දියාවේ ධනවත්ම ව්‍යාපාරික ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන්නේ ගෞතම් අදානි මහතායි.

ද හින්දු පුවත්පත වාර්තා කළේ, ගෞතම් අදානි මහතා වරාය , බලශක්තිය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙරට ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඔහු කොළඹ වරායේ බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිත බව ද ද හින්දු වාර්තාවේ සඳහන් ය.

මේ අතර අද පස්වරුවේ ඉන්දීය ව්‍යාපාරික පිරිසෙන් කිහිපදෙනෙකු මන්නාරම ප්‍රදේශයේ සංචාරක නිරත විය.

රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා ද ඔවුන් සමග මෙම සංචාරයට එක්ව සිටිනු දක්නට ලැබිණ.

අදාළ සංචාරය පිළිබඳව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නිවේදනයක් නිකුත් කරන බවයි.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51% කොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට ඉකුත් සැප්තැම්බර් 30 වනදා කොළඹදී අත්සන් කළේ ය.

වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමක් මගින් මෙම බටහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට නියමිතව තිබේ.

මීට පෙර ඉන්දියා, ජපාන හා ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට යෝජනාවූ අතර වත්මන් රජය එම ව්‍යපෘතිය අත්හිටුවා බටහිර පර්යන්තය අදානි සමූහය ප්‍රමුඛ හවුල් ව්‍යාපාරයට ලබා දුන්නේ ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here