කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් අද (20) දින වාර්තා විය.
මෙහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 233.97 කින් ඉහළ ගොස් ඒකක 9,082.33 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 65.04 කින් ඉහළ ගොස් ඒකක 2,777.78 ක් ලෙසින් වාර්තා විය.
අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.27 කි. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.97 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.93 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 300.99 ක් හි විදේශීය විකිණුම් රු. මිලියන 346.91 ක් ලෙසින් සටහන්ව තිබුණි.
හේමාස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 317), ශ්‍රී ලංකා ටෙලිකොම් (රු. මිලියන 174), එයිට්කන් ස්පෙන්ස් (රු. මිලියන 148), සම්පත් බැංකුව (රු. මිලියන 130), මෙල්ස්ටාකෝප් (රු. මිලියන 117) හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 101) අද දිනයේ දී සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් විය.
බැංකු අංශයේ සමාගම් සියල්ලකටම පාහේ ආයෝජකයින්ගේ උනන්දුව ඉහළ ගොස් තිබීම අද දින දක්නට ලැබුණු විශේෂ කාරණයකි.
එහිදී කොටස් මිල ඉහළ ගිය බැංකු සමාගම් වශයෙන් සෙලාන් බැංකුව 13.64% ක්, හැටන් නැෂනල් බැංකුව 11.37% ක්, සම්පත් බැංකුව 10.86% ක්, DFCC 10.51% ක්, NDB 9.37% ක්, පෑන්ඒෂියා බැංකුව 6.36% ක්, NTB 4.84% ක් හා කොමර්ෂල් බැංකුව 4.32% ක් දිනය තුළ කොටස් මිල ඉහළ ගොස් තිබුණි.