Homeදේශපාලන පුවත්බැරි වුණොත් අයින් වෙනවා -චාමර සම්පත්

බැරි වුණොත් අයින් වෙනවා -චාමර සම්පත්

ලබන වසර වනවිට මැණික් ක්ෂේත්‍රයෙන් රුපියල් මිලියන 500ක ආදායම් සෙවීමට තමාට හැකි බවත් එසේ නොවුණහොත් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවත් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේ දී අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඩොලර් බිලියනයකට ආසන්න මැණික් ගල් ප්‍රමාණයක් මේ වනවිට රටින් පිටව ඇති බවත් එහි ආදායම මෙතෙක් රටට ලැබී නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ වසරේ මැණික්වලින් ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 170ක් පමණක් බව ද ඒ මහතා කියා සිටියේය.

“කවදාවත් අපි මේ ක්ෂේත්‍රය වැටෙන්න ඉඩදෙන්නේ නෑ. මගේ උත්සාහය ලබන අවුරුද්දේ ඩොලර් මිලියන 500ක් මේ මැණික් ක්ෂේත්‍රයන් මම මේ රටට අනිවාර්යයෙන්ම හොයලා දෙනවා. නැත්නම් මම මේ ඇමතිකමෙන් අයින්වෙනවා ඩොලර් මිලියන 500ක් හොයන්න බැරි වුණොත්.”

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here