Homeදේශීය පුවත්බිළිඳාව දමා ගිය යුවළ සොයාගනී

බිළිඳාව දමා ගිය යුවළ සොයාගනී

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතරකර තිබූ දුම්රියක වැසිකිළියක් තුළ දමා ගිය බිළිඳාගේ මව්පියන් සොයාගෙන තිබේ.

26 හැවිරිදි අවිවාහක යුවළක් වන ඔවුන් දෙදෙනාව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ දමා ගොස් සිටි මෙම බිළිඳා, මගීන් සහ දුම්රිය බලධාරීන් විසින් සොයාගෙන තිබුණි.

පසුව බිළිදාගේ මව්පියන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව ලැබුණු තොරතුරක් අනුව මොවුන් සොයාගෙන ඇත.

සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචිවීමෙන් පසු ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කරගැනීමට ඔහු කටයුතු කර තිබේ.

පසුගිය 25 වනදා දරුවා ලැබී ඇති අතර ඒ අනුව ඊයේ මෙලෙස දුම්රිය තුළ දමාගොස් තිබේ.

බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය පවසයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here