රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ ලොව ප්‍රමුඛතම ගායිකාවක් වූ ටීනා ටර්නර් පිළිබඳව අලුත් කතාවක් හෙළිදරව් වී තිබේ.
83 හැවිරිදි වියේ පසු වූ ටර්නර් ස්විස්ටර්ලන්තයේ පිහිටි සිය නිවසේ දී ඊයේ (24) මියගියාය.
ඇය සිය ජීවිතයේ විවිධ බාධක මඟහරවා ගැනීමට සහ සිය කටයුතු සාර්ථක කරගැනීම සඳහා බුදුදහම ඇදහූ බව බොහෝ අය නොදන්නා කරුණකි.
ඇය පවසා තිබුණේ, සිය ජීවිතය බේරුණේ බුදු දහම නිසා බවය.