Homeදේශපාලන පුවත්මහින්ද රාජපක්ෂව අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන්න අපිටත් යෝජනාවක් ආවා - චන්න ජයසුමන

මහින්ද රාජපක්ෂව අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන්න අපිටත් යෝජනාවක් ආවා – චන්න ජයසුමන

අග්‍රාමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ වෙත ලබාදීමේ යම් වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඒ සඳහා යෝජනාවක් සිය සන්ධානයටත් ගෙන ආ බවත් නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසනවා.

ඔහු පවසා සිටියේ හිසේ අමාරුවට කොට්ටෙ මාරු කිරීමෙන් පලක් නොවන බවත්, ආණ්ඩුව ගෙදර යා යුතු බවයි. අග්‍රාමාත්‍ය ධූරය වෙනස් කිරීමෙන් රටේ තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.

අග්‍රාමාත්‍ය ධූරය මාරු කිරීමේ උත්සාහයට සිය සන්ධානයේ කිසිවෙකුත් සහාය නොදෙන බව පවසා සිටි මන්ත්‍රීවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගොස් විවේකි සූවයෙන් සිටිය යුතු බවයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here