Homeදේශීය පුවත්මහීෂ් ඇතුළු යුද හමුදා ක්‍රීඩා විශිෂ්ටයින්ට උසස්වීම්

මහීෂ් ඇතුළු යුද හමුදා ක්‍රීඩා විශිෂ්ටයින්ට උසස්වීම්

මෙවර ආසියානු ක්‍රිකට් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක යුද හමුදාවේ මහීෂ් තීක්‍ෂණ සැරයන් නිලය දක්වා  උසස් කර තිබේ. 

යුද හමුදාව නිවේදනය කළේ, මීට අමතරව මෙරව ආසියානු දැල්පන්දු ශූරතාව ජය ගත් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම නියෝජනය  කළ යුද හමුදා සාමාජිකාවන්ටද  උසස්වීම් ලබාදුන් බවයි.

ඒ අනුව, සාමාන්‍ය සෙබළ ටී.ටී අල්ගම කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළ කේ.බී.වයි. ද සිල්වා කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් වශයෙන් එම ක්‍රීඩිකාවන් වෙත උසස්වීම් ලබාදී ඇත.

ඊයේ (20)  එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද හමුදාධිපති කාර්යාලයට කැඳවා  යුද හමුදාධිපතිවරයාගේ සුරතින් මූල්‍යමය දිරි දීමනා ලබාදී සුබපැතුම්පි ද පිරිනමා තිබේ.

මෙම අවස්ථාව සඳහා යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරීන් රැසක් ද සහභාගී වී සිට ඇත.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here