Homeවිචිත්‍ර​ පුවත්''මැණිකේ'' බොලිවුඩයේ නවතම චිත්‍රපටයට එක්වෙයි

”මැණිකේ” බොලිවුඩයේ නවතම චිත්‍රපටයට එක්වෙයි

බොලිවුඩයේ අතිශය ජනප්‍රිය වූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ට ඇති ඉල්ලුම නිසාම, එම ගීතයේ හින්දි අනුවර්තය ඔක්තෝබර් 25 වැනිදා තිරගත වීමට නියමිත ”තෑන්ක් ගෝඩ්’ නම් බොලිවුඩයේ නවතම එම චිත්‍රපටයට යොදාගෙන තිබෙනවා.

අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆටේහි ඇතුළු අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් ”තෑන්ක් ගෝඩ්” චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදෙවා.

මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය තවමත් නිකුත් නොවුණ ද යොහානි විසින් චිත්‍රපටයේ ඇගේ ගීතය අඩංගු කොටසක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

යොහානි මෙම ගීතය ගායනා කර ඇත්තේ ටී. සීරීස් ලේබලය වෙනුවෙන් වනවා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here