Homeදේශපාලන පුවත්මැතිවරණයක් නැත්නම් එජාපය නාම යෝජනා දුන්නේ ඇයි? - පුබුදු ජයගොඩ

මැතිවරණයක් නැත්නම් එජාපය නාම යෝජනා දුන්නේ ඇයි? – පුබුදු ජයගොඩ

මැතිවරණයක් නීත්‍යානුකූලව කැඳවා නොමැති නම් එක්සත් ජාතික පක්ෂය විසින් පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදී ඇත්තේ ඇයිදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විමසා සිටියා.

මහ බැංකු අධිපතිවරයා විසින් සඳහන් කළ පරිදි මෙම ආර්ථික අර්බුදය විසඳීමට වසර 10ක් පමණ ගත වනු ඇති බවට පෙන්වා දුන් ඔහු කියා සිටියේ, මුදල් නොමැතිකම හේතුවෙන් ඡන්දය නොපවත්වන්නේ නම් තවත් වසර 10ක් යනතුරු ඡන්දයක් පැවැත්වීමට නොහැකි වන බවයි.

මුදල් නොමැති බව පවසමින් ඡන්දය කල් දැමීම යුක්ති සහගත නොවන බවත්, එම තර්කය අනුව ඕනෑම මැතිවරණයක් කල් දැමීමට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here