මැතිවරණ කොමිසම අද (16) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.
පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිදහස් නොකිරීම හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිදහස් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම්දී තිබූ අතර මුදල් අමාත්‍ය ලේකම්වරයා විසින් එම ලිපිය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිහ වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.