Homeදේශීය පුවත්මිනිස් ඝාතනයකට උත්සාහ කළ දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි

මිනිස් ඝාතනයකට උත්සාහ කළ දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි

මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක්ව ගිනි අවියක් සමග ඊයේ (04) සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

එම වෙඩිතැබීමට තැත් කිරීමේ සිද්ධිය සැප්තැම්බර් මස 28 වනදා වාර්තා විය.

සැකකරුවන් සන්තකයේ තිබූ රිවෝල්වරයක්, අංක තහඩු වෙනස්කළ යතුරු පැදියක්, සහ ජංගම දුරකථන 04ක් පොලිස් භාරයට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 සහ 32 වයස්වල වැල්ලම්පිටියේ පදිංචිකරුවන් ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here