Homeදේශීය පුවත්මුදල් ගෙවන තුරු ඉන්ධන නෞකා 04ක් කොළඹ වරායේ

මුදල් ගෙවන තුරු ඉන්ධන නෞකා 04ක් කොළඹ වරායේ

තවත් ඉන්ධන නෞකා 04ක් මේ වනවිට කොළඹ වරායට ළඟා වී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, ඩීසල් නෞකා 02ක්,පෙට්ට්‍රල් නෞකාවක් හා බොරතෙල් නෞකාවක් එලෙස කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බවය.

ඒවා සඳහා කඩිනමින් මුදල් ගෙවීමට කටයුතු කරන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මේ අතර, සති කිහිපයක් තිස්සේ කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ ඉන්ධන නෞකා 3කට පසුගියදා මුදල් ගෙවීමෙන් පසු එහි තොග ගොඩබෑම් මේ වනවිට ආරම්භ කර තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here